ඇමෙරිකාවේ '301 වගන්තිය' විමර්ශනය හමුවේ ඇඟලුම් කර්මාන්තය රැකගන්න විශේෂ පියවරක්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් රජය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අතර පැවති ඉහළ මට්ටමේ සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී ඊයේ (07) පැවති මෙම සාකච්ඡාවේදී, ගෝලීය වෙළඳපොළ තුළ ඇතිවෙමින් පවතින අභියෝග සහ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන අංශයේ අනාගත උපායමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
මෙහිදී එක්සත් ජනපදය විසින් රටවල් 60කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන “301 වගන්තිය විමර්ශනය” පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එම විමර්ශනය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනවලට බලපාන ආකාරය සහ තීරුබදු හා වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා රජය එක්සත් ජනපද බලධාරීන් සමඟ සක්‍රීයව සම්බන්ධ වී සිටින බවද නිලධාරීහු සඳහන් කළහ.
1974 වෙළඳ පනත යටතේ බලහත්කාරයෙන් ලබාගන්නා ශ්‍රමය සම්බන්ධයෙන් මතුව ඇති ජාත්‍ය
මෙයට අදාළ කැබිනට් පත්‍රිකාවක් දැනටමත් අනුමත කර ඇති අතර, පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇති බව වාර්තා වේ.
රජය අවධාරණය කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බලහත්කාර ශ්‍රම සම්මුතීන්ට අත්සන් තබා ඇති අතර, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව දේශීය නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
සාකච්ඡාවේදී හෙළි වූ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40%ක් ඇමරිකා එක්සත් ජනපදයට, 30%ක් යුරෝපා සංගමයට, 15%ක් එක්සත් රාජධානියට අයත් වේ.
2030 වන විට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවද මෙහිදී සඳහන් විය.
ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන අභියෝග ලෙස ආනයනික අමුද්‍රව්‍ය මත දැඩි යැපීම, කලාපීය තරඟකාරීත්වය ඉහළ යාම, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති වෙනස්වීම් යන කරුණු හඳුනාගෙන ඇත.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ, වෙළඳ හා තීරුබදු ගැටලු සම්බන්ධයෙන් රජය අඛණ්ඩව මැදිහත්වීම කර්මාන්තය අගය කරන බවයි.
මේ අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන එක්සත් ජනපද වෙළඳපොළට ප්‍රවේශය ආරක්ෂා කිරීම අතිශය වැදගත් බවයි.
රජය සහ කර්මාන්ත පාර්ශ්ව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් සහ ජාත්‍යන්තර වෙළඳ සබඳතා ඉහළ නැංවිය හැකි බවද ඔහු විශ්වාසය පළ කළේය.