මත්ද්‍රව්‍ය යැයි සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය පටවා ඇති බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පිරිස මේ වන විට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවයින වටා ඇති මුහුදු කලාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර තිබේ.
ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව අදාළ උරවල අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිත වේ.
ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මකයි
මෙම වැටලීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නාවික හමුදාව ගෙන යන දැඩි මර්දනකාරී වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස සැලකේ.