කොරියන් යන්න බලන් ඉන්න සියලු දෙනාට නිවේදනයක් - මේ ගැන දැනුවත්වෙන්න

Report

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා සිදුකළ විමර්ශනයකින් පසු ගාල්ල සහ මාතර ප්‍රදේශවලදී මෙම වැටලීම සිදුකර ඇත.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

අත්අඩංගුවට ගත් 49 හැවිරිදි සැකකරු වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ගාල්ල ප්‍රදේශයේ භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබේ.

රජය මගින් ලබාදෙන කොරියානු රැකියා සඳහා යොමු කරන බව පවසා ලියාපදිංචිය සඳහා රුපියල් 20,000 බැගින් ලබාගැනීමට මොහු උත්සාහ කර ඇති අතර, ලියාපදිංචි වන අයට රුපියල් 35,000ක භාෂා පුහුණු වවුචර් පතක් ලබාදෙන බව පවසා තරුණයින් රවටා ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

පළාත් 7කට අති විශේෂ නිවේදනයක් - ඉදිරි දවස් තීරණාත්මකයි කාලගුණයෙන් දැනුම්දීමක්

පළාත් 7කට අති විශේෂ නිවේදනයක් - ඉදිරි දවස් තීරණාත්මකයි කාලගුණයෙන් දැනුම්දීමක්

රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් මත ක්‍රියාත්මක වන කොරියානු රැකියා වැඩසටහන සඳහා කාර්යාංශය වෙනත් කිසිදු බාහිර ආයතනයක් සමඟ සම්බන්ධ නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

එබැවින් එවැනි රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි