මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් රම්මෙත්තගේ ධර්මසිරි ජයවර්ධන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඔහුට එරෙහිව ජීප් රථයකට අඳාළව කූඨලේඛන සකස් කළ බවට චෝදනාව පවතින බව සඳහන්.
එමෙන්ම ව්‍යාජ ලේඛන මඟින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධ විමර්ශනයකට අඳාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව වාර්තා විය.