තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - ඔයාටත් මේ වගේ මැසේජ් ආවනම් පරිස්සමින්
තැපැල් දෙපාර්තමේන්තුවේ නම සහ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි භාවිතා කරමින් සිදුවෙන මූල්‍ය වංචාවක් (Phishing Scam) පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම වංචනික ක්‍රියාවලිය සිදුවන්නේ ජංගම දුරකථන වෙත ලැබෙන කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙනි.
එහි සඳහන් වන්නේ පාරිභෝගිකයා නමට පැමිණ ඇති පාර්සලයක් ලබාගැනීම සඳහා යම් මුදලක් ගෙවිය යුතු බවයි.
එම මුදල ගෙවීම සඳහා කෙටි පණිවුඩය සමඟ එවන සබැඳිය (Link) හරහා පිවිසෙන වෙබ් අඩවියේ බැංකු කාඩ්පත් තොරතුරු (Debit/Credit Card Details) ඇතුළත් කරන ලෙස දන්වනු ලැබේ.
පාරිභෝගිකයන් තම තොරතුරු ඇතුළත් කළ සැණින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීම මෙහිදී සිදුවේ.
ඒ අනුව මේ දිනවල මෙම වංචාව ඉතා බහුලව සිදුවන බව නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳව මීට පෙරද අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මෙමඟින් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට මෙන්ම මහජනතාවගේ මූල්‍ය ආරක්ෂාවට ද බරපතල තර්ජනයක් එල්ල වී තිබේ.
මීතොටමුල්ලේ මහා ඛේදවාචකයට කොළඹ සහ කොලොන්නාව නගර සභා වගකිව යුතු බවට තීන්දුවක් - මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
එබැවින්, නොහඳුනන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, කිසිදු අවස්ථාවක තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ රහස්‍ය අංක (OTP) තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.