මේ අත් දෙකෙන් ආය කිසිම.....ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ - මනුෂ්‍යත්වය නිසාම වන්දි ගෙවූ ලක්ෂාන් කියූ සංවේදී කතාව[VIDEO]

Report

ආදරය, කරුණාව කියන්නේ හරිම උතුම් මානුෂීය ගුණ ධර්ම.

හැබැයි ඒ උතුම් ගුණධර්ම නිසාම අද ලක්ෂාන්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ නොසිතූ කරදරයකටයි.

ලක්ෂාන් කියන්නේ අසරණ සත්තුන්ට ප්‍රතිකාර කරලා, සත්තුන්ගේ ආකෘති නිර්මාණයට, මැරුණු සතුන්ගේ සම් පුරවා නැවතත් ඒ සතුන් ප්‍රතිනිර්මාණය කරන්න ඔහුට තියෙන හැකියාවත් එක්ක සමාජ මාධ්‍ය තුළ කාගේත් ආදරය දිනාගත්ත තරුණයෙක්.

ඒත් විසි තුන් හැවිරිදි ලක්ෂාන්ට පසුගිය දවසක අත්විදින්න සිදුවුණු කණගාටුදායක සිදුවීමක් නිසා ඔහු තම වැඩකටයුතු මින් ඉදිරියට පෙර පරිදිම සිදු නොවන බව කියලා බොහොම සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මේ වෙන කොට මුදා හැරලා තියෙනවා.

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

ඒකට හේතුව වෙන්නේ ඔහු පෙර දිනක එක් පිඹුරෙකුට ප්‍රතිකාර කරන වීඩියෝවක් සමාජමාධ්‍යට එක් කිරීමත් සමඟ ඔහුට නොසිතූ නීතිමය කරදර රැසකට මුහුණදෙන්න සිදුවීම.

ඉතින් ආදරය, කරුණාව පෙරදැරි කර ගෙන සිදුකළත් තම ක්‍රියාව නීතිය ඉදිරියේ තමා වැරදිකරුවකු කළ බව දුකෙන්ම පිළිගත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,

"මේ අත් දෙකෙන් ආය කිසිම නීතියෙන් ආරක්ෂිත වන සතෙක්ට ආය ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ. හේතුව මම පිඹුරෙක්ට ප්‍රතිකාර කළා කොන්දට හානි වුණ. 80% ක් විතර සුව වෙලා හිටියේ. මේ සම්බන්ඳයෙන් කටයුතු කරන නිලධාරීන් ගෙදරට ඇවිත් වැටලීමක් කරලා මේ සතාව එයාලගේ භාරයට ගත්තා. එදා ලක්ෂයක ශරීර ඇපයකින් නිදහස් වෙලා අද නඩුවෙන් රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම වුණා. දඩය ගෙවෙනකල් මම හිටියේ කූඩුව ඇතුළේ මම කවදාක්වත් කූඩුවක් ඇතුළේ ඉඳල නැහැ ඒ ගැන ඇත්තටම ගොඩක් දුකයි. මම කළේ හානියක් නෙවෙයි ඒ වන සතාව ආරක්ෂා කරලා සුව කිරීමක්. කිසිම දවසක මේ සතෙක්ගෙන් මම මුදල් හම්බකරලා නෑ. මගේ මුදල් වලින් බෙහෙත් කළේ. මෙච්චර රටේ සතුන්ට කරදර වෙද්දි මම කළේ සතෙක් ආරක්ෂා කරපු එක..."

අනේ මගේ අම්මා ඔයා කොහෙද ගියේ....අම්මා නැතුව මොහොතක්වත් ඉන්නේ නැති පුතා ගැන පියුමිගෙන් සටහනක්

අනේ මගේ අම්මා ඔයා කොහෙද ගියේ....අම්මා නැතුව මොහොතක්වත් ඉන්නේ නැති පුතා ගැන පියුමිගෙන් සටහනක්

කොහොම වුණත් ඔහුගේ මේ වීඩියෝව සංසරණය වීමත් සමඟ සමාජ මාධ්‍ය පුරා උණුසුම් කතාබහක් ඇති වන්නේ රටේ ලෝකයේ සත්ත්ව හිංසා මොන තරම් නම් සිද්ධ වන පසුබිමක සත්ත්වයෙක් බේර ගන්න ගොස් ඔහුට ක්‍රියාත්මක වූ නීතිය ගැනයි.

නීතිය ඉදිරියේ ඔහු වැරදිකරුවෙක් විය හැක. නීතිය සැමට එකය.

එය ක්‍රියාත්මක වීම ගැන කිසිදු ගැටලුවක් නැත.

එහෙත් රටේ මෙතරම් සත්ත්ව හිංසන ක්‍රියාත්මක වන විට මන්දගාමී වන නීතිය සත්ත්වයෙක් ආරක්ෂා කළ අයෙකුට විරුද්ධව මෙතරම් කඩිනමින් ක්‍රියාත්මක වීම සැබෑවටම පුදුමයක්.

එය අද සත්ත්වයන්ට පණ මෙන් ආදරේ කළ අයෙක් උපකාර කිරීමට පවා දෙවරක් සිතන මට්ටමකට බලපෑම් කර තිබීම මනුෂ්‍ය සංහතියටම වූ ඛේදවාචකයක්.

කෙසේ වුවත් රටේ ගණන් කළ නොහැකි ප්‍රමාණයකට තවමත් සිදුවන සත්ත්ව හිංසාවන්ට ද මෙබඳුම කාර්‍යක්ෂමතාවයකින් නීතිය ඉටු වූවා නම් අද වන විට බොහෝ සතුන් නිදහසේ සිටිනවා ඇත.

ඒ ගැන ද මෙබදුම වේගයකින් නීතිය ඉටු කිරීමට ශක්තිය ධෛර්‍ය ආරක්ෂක අංශ වෙතට ලැබුණොත් අද ලක්ෂාන් මෙන් හෙට තව අයෙක් සතුන්ට ආදරය කරුණාව දක්වන්න දෙවරක් නොසිතාවි යන්න පමණක් නීතියට වැටහීම සත්ත්වයන් ආදරේ කරන කාගෙත් අපේක්ෂාවයි.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්