බිහිසුණු කොලාම්බියානු ගුවන් යානා අනතුරින් 34ක් මරුට - 80ට වැඩි පිරිසකට තුවාල[UPDATE]
By Kaushi
කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරන හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේ දී ඊයේ අනතුරට පත්ව තිබුණේ ගුවන්ගත වී සුළු මොහොතකට පසුවයි.
එසේම අනතුර සිදුවන අවස්ථාවේ යානයේ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 11 දෙනෙකු සිට ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,