මීතොටමුල්ලේ මහා ඛේදවාචකයට කොළඹ සහ කොලොන්නාව නගර සභා වගකිව යුතු බවට තීන්දුවක් - මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

Report

මීතොටමුල්ල "පොතුවිල් කුඹුර" නමැති භූමියට නීතියට පටහැනි ආකාරයට කැලි කසල බැහැර කිරීමෙන් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) දින තීන්දු කර තිබෙනවා.

ඒ අනුව නීතිඥ නුවන් බෝපගේ ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ, 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාළ භූමියට නීති විරෝධී ආකාරයට කසළ බැහැර කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමාන ආරක්ෂාව පිළිබඳ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී තිබෙන බවයි.

රිමාන්ඩ් කර සිටි හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප

රිමාන්ඩ් කර සිටි හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප

එමෙන්ම 2017 වසරේදී එම කුණු කන්ද පිපිරී යාමෙන් සිදු වූ මහා ඛේදවාචකයට මෙම නීති විරෝධී ක්‍රියාව සෘජුවම බලපෑ බවද අධිකරණය නිරීක්ෂණය කර ඇත.

2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අඳාළ ප්‍රදේශයේ නීතියට පටහැනි ආකාරයට කැලි කසල බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්.

තවද අදාළ ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක කැලි කසළ බැහැර කිරීමට කොළඹ මහනගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට අවසර දීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකර ඇති බවත් තීන්දුවේ සඳහන් විය.

එසේම අඳාළ තීන්දුවේ මෙම නීති විරෝධී කැලි කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම පැහැර හැරීම තුළින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් දැක්වේ.

සජින් ද වාස්ට ඇප

සජින් ද වාස්ට ඇප

එසේ වුවත් මෙම කැලි කසල කන්ද පිපිරියාමෙන් සිදුවූ ඛේදවාචකයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වග උත්තරකරුවන් විසින් දැනටමත් රුපියල් 908, 314,020.70 ක් වන්දි ලෙස ගෙවා තිබෙන නිසා මෙම නඩුකරවලට අදාළව වන්දි ගෙවන ලෙස වග උත්තරකරුවන්ට නියෝග නිකුත් නොකරන බවත් තීන්දුවේ දන්වා ඇත.

කෙසේ වෙතත් කොළඹ මහනගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ගේ අසාර්ථක ක්‍රියා කලාපය නිසා මෙවැනි බරපතළ තත්ත්වයක් උද්ගත වූ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි විය යුතු බව සඳහන් කළ අධිකරණය මෙවැනි තත්ත්වයන් මතු සිදු නොවීමට වගබලා ගත යුතු බවත් වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම මෙම නඩු තීන්දුවේ 116 වන පරිච්ඡේදයේ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු සිය නඩු තීන්දුවේ සඳහන් කර ඇති බව ද වාර්තා වේ.

රජයේ වී මිලදී ගැනීම ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්

රජයේ වී මිලදී ගැනීම ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්