මිසයිල ප්‍රහාරයක් නිසා උතුරු ඊශ්‍රායලයේ රථවාහන රැසක් ගිනිබත් වෙයි - ගින්න නිවන්න දැඩි උත්සාහයක්[VIDEO]
By Kaushi
ලෙබනනයේ සිට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් නිසා උතුරු ඊශ්‍රායලයේ මිස්ගාව් අම් (Misgav Am) ප්‍රදේශයේ රථවාහන රැසක් ගිනිගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ඒ අනුව ගිනිබත් වී ඇති රථවාහනවල පැතිර යන ගින්න නිවා දැමීමට ඊශ්‍රායල ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඊශ්‍රායල මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර ඇති බවද එහි වාර්තා වේ.
තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්
එසේම අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය මඟින් අඳාළ වීඩියෝ දර්ශනවල සත්‍යතාව තහවුරු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන්.
පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි
උණුසුම මැද මැදපෙරදිග තවත් කැළඹෙයි - න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට
@aljazeeraenglish Video published by Israeli media and verified by Al Jazeera, shows Israeli firefighters attempting to put out a fire engulfing vehicles caused by a missile attack from Lebanon on vehicles in the Misgav Am area of northern Israel.
♬ original sound - Al Jazeera English