ඉරාන DENA නෞකාව සහ ලංකාව ගැන තවත් ආන්දෝලනයක්? මෙරට ඉරාන තානාපතිගෙන් ප්‍රකාශයක්

Report

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කළ ආරාධනයක් අනුව බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩොල්කොෂ් සඳහන් කරයි.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඉරාන තානාපති නිල නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අඳාළ නෞකාව කිසිදු යුදමය අරමුණක් වෙනුවෙන් මෙරටට පැමිණ නොමැති බව තහවුරු බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල ආරාධනයක් මත පැමිණි මෙම නෞකාවට ඇමරිකා එක්සත් ජනපදය පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කර තිබුණු බවත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් හමුදා සාමාජිකයන් නොවන සංගීත කණ්ඩායමක පිරිසක් බවත් සඳහන්.

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

එසේම ඔහු කියා ඇත්තේ අසල්වැසි රටවල පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර එම අසල්වැසි රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් නොවන බවට අවධාරණය කළ යුතු‍ බවයි.

එමෙන්ම ඔහු ඒවා හුදෙක් එක්සත් ජනපද ප්‍රහාරවලට සෘජු ප්‍රතිචාරයක් වශයෙන් සිදු කරන ලද ආත්මාරක්ෂක ක්‍රියාවන් පමණක් බවද සඳහන් කර ඇත.

තවද මේ සම්බන්ධයෙන් වැදගත් කරුණක් වන්නේ, අපගේ අසල්වැසි රටවලට අප ලබා දෙන පණිවිඩය බවත් කරුණාකර එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අපරාධවලට හවුල් නොවන්න‍යැයි අලිරේසා ඩොල්කොෂ් කියා ඇත.

එමෙන්ම එක්සත් ජනපද පාලන තන්ත්‍රය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම නොසලකා හරින අතර, කිසිදු රෙගුලාසියකට තමන් බැඳී නොමැති බව සලකන බවත් සියොන්වාදී පාලන තන්ත්‍රය සමඟ එක්ව ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය මූලධර්ම යළි යළිත් උල්ලංඝනය කරන බව ද ඔහු සඳහන් කළා.

ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා

ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා

මානුෂීය නීතිය උල්ලංඝනය කරමින්, 2026 මාර්තු මාසයේදී, ඉරාන ඉස්ලාමීය ජනරජ හමුදාවට අයත් DENA නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම නෞකාව ඉලක්ක කිරීම විහිළුවක් වසහ්‍යෙන් සැලකූ බවත්, ඒ නිසා නෞකාවේ සිටි නිරායුධ නැවියන් 104 දෙනෙකු දිවි පිදූ බවත් සඳහන් කළ ඔහු, මානුෂීය නීතියට අනුව, සතුරු පාර්ශ්වයකට ප්‍රහාර එල්ල කිරීමට අවසර ඇත්තේ යුද පිටියේදී පමණක් බව කියා ඇත.

එහෙත් මෙම නෞකාව යුද පිටියේ සිට නාවික සැතපුම් 1,100 කට වඩා දුරින් තිබූ බවත්, එහි කිසිදු ආයුධයක් හෝ ආරක්ෂක හැකියාවක් නොතිබූ බවත් මෙරට ඉරාන තානාපතිවරයා පෙන්වා දෙයි.

තවද නෞකාවට එල්ල වූ ප්‍රහාරය සහ මිනාබ් පාසල් සිසුවියන්ට එල්ල වූ ප්‍රහාර, එක්සත් ජනපදයේ ලැජ්ජා සහගත ක්‍රියාවක් සහ ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බවත් ඉරානය යුද්ධයක් අපේක්ෂා නොකරන අතර එය සාදරයෙන් පිළිගන්නේ ද නැහැයි ඔහු අවධාරණය කර ඇත.

මෙරට මුහුදු සීමාවට ඉරාන නෞකාවලට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනපති කියයි

මෙරට මුහුදු සීමාවට ඉරාන නෞකාවලට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනපති කියයි

එසේම ඉරාන ජාතිය සාමයට ලැදි ජාතියක් වන අතර ඉතිහාසය ඒ වෙනුවෙන් සාක්ෂි දරන බවත් අපගේ දේශය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම ආක්‍රමණිකයෙකුට අපි තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බවත් ඔහු පවසා ඇත.

ඒ අනුව ඔහු යළි යළිත් අවධාරණය ක‍ර සිටියේ, ආක්‍රමණිකයා සමඟ පෙනී සිටින රටවල්, ජාත්‍යන්තර නීතියට අනුව එම පාලන තන්ත්‍රයේ ආක්‍රමණශීලී ක්‍රියාවලට හවුල්කරුවන් වන අතර මම නැවතත් අවධාරණය කරන්නේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අපරාධවලට හවුල් නොවන්න යැයි යනුවෙන්.

එසේම දැනට ඉරාන ඉස්ලාමීය ජනරජයේ දේශසීමා මුහුදු සීමාවට අයත් හෝමුස් සමුද්‍ර සන්ධිය යුද කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් අදහස් කරන්නේ ඉරානය විසින් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව නොවන බවත් එය සතුරු රටවල නැව් වෙනුවෙන් පමණක් වසා දමා ඇති බවත් ඔහු පෙන්වා දෙ‍යි.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත.