ට්‍රම්ප්ගෙන් යුද ගිනි මැද මේ රටවලට භයානක යෝජනාවක් - අකැමැත්ත පළ කරන රටවලට නායකයින්ට දැඩි දෝෂාරෝපණ
ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්වීම ප්‍රතික්ෂේප කර ඇති රටවල් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් සිය විවේචන එල්ල කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ගුවන් යානා ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින, එහෙත් ඉරාන පාලනයට විරුද්ධ මෙහෙයුම්වලට සහාය නොදෙන බ්‍රිතාන්‍යය වැනි රටවල් වෙත උපහාසාත්මක යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ,
"මා සතුව ඔබට යෝජනා දෙකක් තිබෙනවා. පළමුවැන්න, අමෙකාවෙන් ඉන්ධන මිලදී ගන්න, අප සතුව ඕනෑ තරම් තිබෙනවා. දෙවැන්න, දැන්වත් ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබට අවශ්‍ය දේ බලහත්කාරයෙන් ලබාගන්න." යනුවෙන්.
එමෙන්ම මෙහිදී ප්‍රංශය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ ට්‍රම්ප්, සැපයුම් රැගත් අමෙරිකානු ගුවන් යානාවලට ප්‍රංශ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදීම ඉතාම අහිතකරයි" යනුවෙන්ද චෝදනා කර ඇති බව සඳහන්.
එසේම හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුකරන මිලිටරි මෙහෙයුම් වෙනුවෙන් සහභාගී වීමට අකමැත්ත පළ කරන යුරෝපීය රටවල් සහ ඔවුන්ගේ නායකයන් ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වෙමින් සිටින බව ද වාර්තා වේ.