චාමික බෙල්ලටම හිරවෙයි - දරුවගෙ පියා හොයන DNA ගැටලුවේ තොණ්ඩුව නීතීඥයාම බෙල්ලට දායි

Report

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර ඇති පීතෘත්ව නඩුවකට අදාළව, ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබාගැනීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිඛිත කරුණු දැක්වීම් එළඹෙන මැයි මස 13 වන දින අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ දිසා අධිකරණය අද (31) දින නියෝග කර ඇත.

ඒ අනුව ගුවන් සේවිකාවක සහ ගුවන් නියමුවරියක වශයෙන් සඳහන් වන සෙව්වන්දි සේනාධීර හෙවත් පෙරමුණේලාගේ රසිකා සෙව්වන්දි නමැත්තිය විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඇය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ 2025 වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා උපත ලැබූ 'ආර්යන් කරුණාරත්න' නමැති සිය බාල වයස්කාර දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසටයි.

හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි

හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි

ඒ අනුව පෙත්සම්කාරිය චෝදනා කර තිබුණේ වර්ෂ 2023 දී හෝ ඊට ආසන්න කාලයකදී වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමඟ සමීප සබඳතාවක් ගොඩනගාගෙන ලිංගිකව හැසිරීමට පෙළඹවූ බවත්, තමා ගැබ් ගැනීමෙන් අනතුරුව මඟහැර දරුවාගේ පීතෘත්වය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ය.

අඳාළ නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා තර්ක කළේ, පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව DNA පරීක්ෂණයකට රුධිර සාම්පල ලබාගැනීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

එනිසා තම සේවාදායකයාගේ රුධිර සාම්පල ලබාදෙන ලෙස ඉල්ලා ඇති ආයාචනය ප්‍රතික්ෂේප කරන ලෙසට ඔහු ඉල්ලා ඇත.

සුන්දර මනාලියක් වූ ඇය මේ තරම් ඉක්මනට අවසන් ගමන් යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති - සමාජ මාධ්‍ය කැළඹු සංවේදී පුවත

සුන්දර මනාලියක් වූ ඇය මේ තරම් ඉක්මනට අවසන් ගමන් යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති - සමාජ මාධ්‍ය කැළඹු සංවේදී පුවත

එහෙත් පැමිණිලිකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මීට පෙර නඩුව කැඳවූ විටදී වගඋත්තරකාර පාර්ශ්වයේ කනිෂ්ඨ නීතිඥවරියක විසින් DNA පරීක්ෂණයට විරුද්ධත්වයක් නොමැති බව පැවසූ බවයි.

තවද, ළමා හා කාන්තා කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් වගඋත්තරකරු මීට පෙර DNA පරීක්ෂණයකට එකඟතාව පළ කර තිබෙන බැවින්, පරීක්ෂණය සිදුකළ යුතු රසායනාගාරය තීරණය කර අදාළ නියෝගය නිකුත් කරන ලෙසට ඔහු ඉල්ලා ඇත.

එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා සඳහන් කළේ, එවැනි පරීක්ෂණයකට සිය සේවාදායකයා කිසිදු අවස්ථාවක කැමැත්ත පළ කර නැති බවත්, එම කනිෂ්ඨ නීතිඥවරිය නිසි වැටහීමකින් තොරව එම එකඟතාව පළ කර ඇති බවත්ය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මෙම සියලු කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම ලිඛිත කරුණු දැක්වීමේ නියෝගය නිකුත් කරන තිබුණා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, අදාළ දරුවා වන ආර්යන් කරුණාරත්න සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

එසේම පවතින සත්‍යතාව තහවුරු කරගැනීමට අදාළ දරුවා සහ චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට භාජනය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, දරුවාගේ පියා ඔහු බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකය සංශෝධනය කර නිකුත් කරන ලෙසත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි

මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි