ට්‍රම්ප් යුද්ධය ජය ගනී? - සාක්ෂියක් වශයෙන් ඉරාන වැසියන්ගෙන් ට්‍රම්ප්ට තෑග්ගක්[VIDEO]
සති තුනකට වැඩි කාලයක් පුරා අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගේ යුද ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති නිසා, ඉරානය සමඟ යුද්ධය දැනටමත් ජයගෙන ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව වොෂින්ටන් පොස්ට් වාර්තා කරයි.
එමෙන්ම එරට පාලන තන්ත්රය වෙනස් කිරීමේ අරමුණ ඉටු වී ඇති බවත් ඔහු පැවසූ බව එහි සඳහන්. තවද අමෙරිකාව සහ ඉරානය අතර දැනටමත් මූලික මට්ටමේ සාකච්ඡා සිදුවන බව ඔහු පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව පර්සියානු ගල්ෆ් කලාපයේ රටවලට සහ ඊශ්‍රායලයට එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේත්, හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හමුවේත්, සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව, පාකිස්ථානය සහ තුර්කිය මැදිහත් වී ඇත.
යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි
එසේම තම බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, ධවල මන්දිර දූත ස්ටීව් විට්කොෆ්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් යන සියලු දෙනා මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින බව ට්‍රම්ප් ප්‍රකාශ කළද, සම්බන්ධ වී සිටින ඉරාන නායකයන් කවුරුන්දැයි ඔහු නිශ්චිතව සඳහන් කර නොමැති බවද වාර්තා වේ.
කෙසේ වුවද තමන් කතා කරන්නේ "නිවැරදි පුද්ගලයන්" සමඟ බවට සාක්ෂියක් වශයෙන් ඉරාන වැසියන් තමන්ට "තෑග්ගක්" ලබා දුන් බවත්, එම තෑග්ග අද ලැබුණු බවත්, ඔහු පවසා ඇත.
එමෙන්ම එය "තෙල් සහ ගෑස් සම්බන්ධ" දෙයක් බවත්, විශාල වටිනාකමකින් යුතු බවත්, ඔහු සඳහන් කර ඇති බවයි ද වොෂින්ටන් පොස්ට් වාර්තා කර ඇත.
පහත වීඩියෝව උපුටා දක්වා ඇත,