ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රබල පිපිරුම් හඬවල් මැද ඇද වැටුණු සුන්බුන්වලින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට තුවාල
By Kaushi
ඩුබායි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේදී ඇද වැටුණු සුන්බුන් නිසා ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු, බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මෙහිදී සුළු තුවාල සිදුවී ඇති බව සඳහන්. මෙසේ සුන්බුන් පතිත වී ඇත්තේ දකුණු ඩුබායි හි නේවාසික ප්රදේශයකටයි.
ඉන් දේපොළ හානි ද සිදුවී ඇති බව සඳහන්.
ඒ අනුව අද දිනය පුරා ඩුබායි වැසියන්ට ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක්ම ඇසී ඇති අතර, ඒවා ඉරානයෙන් එල්ල වූ ගුවන් තර්ජන මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග බව ඩුබායි මාධ්‍ය කාර්යාලය සඳහන් කර ඇත.
මේ අතර 2026 පෙබරවාරි 28 දින ආරම්භ වූ යුද්ධ තත්ත්වයෙන් අනතුරුව එක්සත් අරාබි එමීරේට්ස් තුළ පුද්ගලයින් 178 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මරණ 11ක් වාර්තා වී තිබෙන බව සඳහන්.
ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මකයි