ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මක‍යි

Report

ඉරානයට සහාය වීම වෙනුවෙන් චීනය සහ රුසියාව දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම්වලට එරෙහිව ක්‍රියා කරන බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි.

ඒ අනුව අද (31) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙග්සෙත් ප්‍රකාශ කළේ මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවයි.

විශේෂයෙන්ම ඔහු මෙහිදී අනාවරණය කළේ ඉරාන සන්නද්ධ හමුදාවලින් සෙබළුන් විශාල වශයෙන් පලායෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම රුසියාව සහ චීනය ඉරානයට උදව් කරන ආකාරය පිළිබඳව අමෙරිකාව නිවැරදිව දන්නා බවත්, ඒ සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය තැන්වලදී ඔවුන්ට සෘජුව මුහුණ දෙන බවත් ඔහු සඳහන් කර ඇත.

ට්‍රම්ප්ගෙන් යුද ගිනි මැද මේ රටවලට ‍භයානක යෝජනාවක් - අකැමැත්ත පළ කරන රටවලට නායකයින්ට දැඩි දෝෂාරෝපණ

ට්‍රම්ප්ගෙන් යුද ගිනි මැද මේ රටවලට ‍භයානක යෝජනාවක් - අකැමැත්ත පළ කරන රටවලට නායකයින්ට දැඩි දෝෂාරෝපණ

මේ අතර බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් හෙග්සෙත් පෙන්වා දුන්නේ අමෙරිකානු ප්‍රහාර නිසා ඉරාන හමුදාවේ මානසිකත්වය බිඳ වැටී ඇති බවයි.

එනිසා සෙබළුන් හමුදාව හැරයාම සහ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කලකිරීමක් හටගෙන ඇති බවත් ඔහු පැවසුවා.

"අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ එකම මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි," යනුවෙන් ඔහු පැවසීය.

එමෙන්ම පසුගිය සෙනසුරාදා තමන් මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වූ බවත්, එහිදී ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වල ප්‍රගතිය සෘජුවම නිරීක්ෂණය කළ බවත් හෙග්සෙත් වැඩිදුරටත් පවසා ඇත.

යුද්ධේ උග්‍ර වෙයි - ඩුබායි, දෝහා සහ අබුඩාබි ගුවන් තොටුපළවල් වසා දැමීමත් සමඟ ගුවන් ගමන් රැසක් අවලංගුයි

යුද්ධේ උග්‍ර වෙයි - ඩුබායි, දෝහා සහ අබුඩාබි ගුවන් තොටුපළවල් වසා දැමීමත් සමඟ ගුවන් ගමන් රැසක් අවලංගුයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

තෙල් මිල ඉහළ යන ලකුණු? හෝමුස් සන්ධියෙන් අවසන් තීරණයක් එළියට

තෙල් මිල ඉහළ යන ලකුණු? හෝමුස් සන්ධියෙන් අවසන් තීරණයක් එළියට