අද පටන් මුළු ලෝකෙන්ම සමුගෙන යන එයා

By Mithu May 05, 2025 03:04 PM GMT
Report

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය.

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්

එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft Teams Free වෙත සම්බන්ධව වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පැවසීය. 2003දී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් 2011දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා විය.

ස්කයිප් කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වූ අතර ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසීය. ස්කයිප් මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට ද උපකාරී විය.

පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා

පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා