අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්
පසුගිය දා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉගනනුම ලැබූ පළමු වසර සිසුවෙකු ගෙළ වැලලාගෙන මිය යාමේ සිද්ධිය සමාජයේ ආන්දෝලනයට ලක් වුණු හේතුවක් වුණා.
ඔහු අවසන් ලිපියේ සඳහන් කර තිබුණේ අධික මානසික පීඩනය හේතුවෙන් මේ තිරණය ගත් බවයි.නමුත් ඔහුගෙ සමීපතමයන් සදහන් කළේ ඔහු නවකවද හේතුවෙන් දැඩි පීඩනයක සිටි බවයි.
ඒ අනුව පොලිස විමර්ශන ආරම්භ කළ අතර එහිදී සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඒ ආකාරයෙන් නවකවදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවට දැනුම් දී තිබේ.