පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා

Report

ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානය වෙත යෑමේදී ආදිවාසී සංස්කෘති අංගයක් වන “පොරව“ රැගෙන යෑමට අවස්ථාව ලබා නොදුනහොත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා. අද (05) දහවල් දඹාන, කොටබකිණිය ආදිවාසී ගම්මානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකය මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායකයා පැවසුවේ එම අවස්ථාව ආදිවාසීන් හට ලබා නොදුනහොත් තම වරිගයේ ඇත්තන් හටද ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබාදෙන බවයි. ඡන්දය හේතුවෙන් තම සංස්කෘතිය හැල්ලුවට ලක්කිරීමට තමන් කිසි සේත් කටයුතු නොකරන බව ද ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කර සිටියා.

මීට පෙර ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවක තම ආදිවාසී ජනතාවට ‘පොරව’ රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකළ නිලධාරීන් එය වැලැක්වීම හේතුවෙන් මෙවර ද එවන් සිදුවීමක් යළිත් සිදුවීමට පෙර අදාළ බලධාරීන් ඒ පිළිබද දැනුවත් කිරීම තම වගකීම බවත් ඔහු පවසා සිටියා.

කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි

කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි