සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට – අවසන් තීන්දුවට අද
By Malith Madushan
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (25) බදුල්ල අධිකරණයට හමුවට පැමිණියේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඇතුළු 18 දෙනෙකු ඉදිරිපත් කර තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනයේදී එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.