සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට
හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මතයි.
එසේම අද දින හිටපු අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් ප්‍රසිද්ධ නීතිඥ රඛිත රාජපක්ෂ මහතාව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගවට ගෙන තිබෙනවා.
ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හරක් කටා' නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් බව සඳහන්.
ඒ අනුව මෙසේ අල්ලස් ලබා ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීමට, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීමට සහ විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීමටත් බව වාර්තා වේ.
එමෙන්ම මෙම කටයුතුවලට 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් ලෙස ඉල්ලා අනතුරුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර ඇති බවත් එම මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට මෙසේ චෝදනා එල්ලවී තිබෙන බව වාර්තා වේ.
මේ අතර මොවුන් දෙදනා සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ද අල්ලස් චෝදනා මත අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි