අපි සමගි ජන බලවේගයේ වහල්ලු නොවෙයි.. සමගිය දෙදරයි - ශ්‍රී ලංකා දේශපාලනය උඩුයටිකුරු කරන දැවැන්ත පිම්මක්

Report

සමගි ජන සන්ධානය තුළ ගොඩනැගෙමින් පවතින අභ්‍යන්තර දේශපාලන අර්බුදයක පෙරනිමිති මේ වන විට මතුවෙමින් පවතින බවට ඇතැම් පුවත් වාර්තා වෙයි.

ඒ සන්ධානය නියෝජනය කරන සුළු ජාතික පක්ෂ කිහිපයක් ඉදිරියේ දී ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවටයි.

එසේම ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සමගි ජන බලවේගයේ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එම පක්ෂ දැඩි කලකිරීමකට පත්ව සිටීම බව ද වාර්තා වේ.

එමෙන්ම සමගි ජන සන්ධානය එදා ගොඩනැගූ මූලධර්මවලින් මේ වන විට බැහැර වෙමින් සිටින බවට අදාළ පක්ෂ නායකයෝ චෝදනා කරන බව ද වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්

මේ අතර ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම් මෙන්ම මනෝ ගනේෂන් යන සුළු පක්ෂ නායකයන් ද සන්ධානයේ ඇතැම් කටයුතු දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙම අර්බුදය වඩාත් ප්‍රසිද්ධියේ මතුව ඇත්තේ ඉකුත් දා කුරුණෑගල පැවැති රැස්වීමකදී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා කළ ප්‍රකාශයත් සමඟින්.

"අපි සමගි ජන බලවේගයේ වහල්ලු නොවෙයි. සමගි ජන බලවේගය කියන්නේ පක්ෂයක්. අපි ඒකේ කොටස්කාරයන් විතරයි" යනුවෙන් ඔහු එහිදී අවධාරණය කර තිබුණු බව සඳහන්.

එසේම දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ බදියුදීන් මහතාගේ මෙම ප්‍රකාශය හුදු කලකිරීමක් පමණක් නොව, ඉදිරියේදී සිදුවිය හැකි දේශපාලන පිම්මකට පෙර නිමිත්තක් විය හැකි බවයි.

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

එමෙන්ම අභ්‍යන්තරයේ පවතින මෙවැනි විවිධ හැලහැප්පීම් නිසා ඉදිරි මැතිවරණවලදී මෙම සුළු ජාතික පක්ෂවල දේශපාලන ස්ථාවරය බොහෝ දුරට වෙනස් වීමට ඉඩ ඇති බව ද විචාරකයෝ වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයකු කියා ඇත්තේ, හවුල්කාර සෙසු සියලු දේශපාලන පක්ෂවල අභිලාෂයන් ද ඉටුවන ලෙස පක්ෂය සෑම විටම තීන්දු තීරණ ගෙන තිබෙන බවයි.

එපමණක් නොව, අදාළ ගිවිසුම් ප්‍රකාරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙන්ම තවත් බොහෝ දෑ එම පක්ෂ වෙත ලබා දී තිබෙන බව ද ඔහු පවසා ඇති බව සඳහන්.

ඊට අමතරව අර්බුදයේ තවත් පැතිකඩක් නිරාවරණය කරමින් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, සමහර සුළු පක්ෂ නායකයන් මෙසේ ආණ්ඩුවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නඩුවලින් බේරීමේ අරමුණින් බවට ද දැනගන්නට ලැබී ඇති බවයි.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න