දෙමළ සිනමාවේ ආදායම් වාර්තාව අලුත් වෙයි - රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ WART වර්තා බිදදමයි

Report

සුපිරි දකුණු ඉන්දීය නළු රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ‘Jailer 2’ චිත්‍රපටය ඉන්දියාව තුළ වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය බවට පත්ව තිබේ.

ඒ අනුව රජිනිකාන්ත්ගේම රංගනයෙන් 2018 වසරේ තිරගත වූ ‘2.0’ චිත්‍රපටය මෙතෙක් තබා තිබූ වාර්තාව අභිබවා යාමට ‘Jailer 2’ සමත්ව ඇත.

චිත්‍රපටය තිරගත වී දින 17ක් ඇතුළත ඉන්දියාව තුළ ඉන්දීය රුපියල් කෝටි 520.35ක දළ ආදායමක් උපයාගෙන ඇති බව Sacnilk දත්ත වාර්තා කරයි. ‘2.0’ චිත්‍රපටය ඉන්දියාව තුළ උපයා තිබූ දළ ආදායම රුපියල් කෝටි 519කි.

එමෙන්ම ‘Jailer 2’ චිත්‍රපටයේ ඉන්දියාවේ ශුද්ධ ආදායම රුපියල් කෝටි 444.75ක් වන අතර, ‘2.0’ චිත්‍රපටයේ එම ආදායම රුපියල් කෝටි 407.05ක් ලෙස දැක්වේ.

දකුණු ඉන්දියාවේ ප්‍රධාන සිනමා වෙළෙඳපොළ හතරෙන්ම රුපියල් කෝටි 75කට වැඩි දළ ආදායමක් උපයාගත් පළමු ඉන්දීය චිත්‍රපටය බවට ද ‘Jailer 2’ පත්ව තිබේ.

විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තය තුළ රුපියල් කෝටි 200 ඉක්මවූ ආදායමක් උපයාගැනීමට එය සමත්ව ඇති අතර, එම ප්‍රාන්තය තුළ එවැනි ආදායමක් ලැබූ රජිනිකාන්ත්ගේ පළමු චිත්‍රපටය ද මෙයයි.

"සුපිරි තරු රජිනිකාන්ත්ගේ 'Jailer 2' නිසා ලෝකයම හොල්ලයි! ජපානය, ඩුබායි, ඇමෙරිකාව උත්සව භූමි වෙයි

"සුපිරි තරු රජිනිකාන්ත්ගේ 'Jailer 2' නිසා ලෝකයම හොල්ලයි! ජපානය, ඩුබායි, ඇමෙරිකාව උත්සව භූමි වෙයි

මේ අතර, ඉන්දියාව තුළ උපයා ඇති දළ ආදායම අනුව දෙමළ චිත්‍රපට අතර පළමු ස්ථානය ‘Jailer 2’ හිමිකරගෙන තිබේ.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රුපියල් කෝටි 519ක ආදායමක් ලැබූ ‘2.0’ චිත්‍රපටය පසුවන අතර, 2023 වසරේ තිරගත වූ රජිනිකාන්ත්ගේ ‘Jailer’ චිත්‍රපටය රුපියල් කෝටි 408.74ක ආදායමක් සමඟ තෙවැනි ස්ථානයේ පසුවේ.

විජේ රංගනයෙන් දායක වූ ‘Leo’ චිත්‍රපටය රුපියල් කෝටි 401.90ක ආදායමක් සමඟ සිව්වැනි ස්ථානයේ පසුවන අතර, ‘Coolie’ චිත්‍රපටය රුපියල් කෝටි 337.50ක ආදායමක් සමඟ පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

ලොව පුරා ආදායම සලකා බැලීමේදී ද ‘Jailer 2’ චිත්‍රපටය නව වාර්තාවක් පිහිටුවා ඇත. තිරගත වී දින 17ක් අවසානයේ එහි ලෝක ව්‍යාප්ත දළ ආදායම රුපියල් කෝටි 790.85ක් ලෙස වාර්තා වී තිබේ.

ඉන් රුපියල් කෝටි 270.50ක් විදේශීය වෙළෙඳපොළවලින් උපයාගෙන ඇත. ඒ අනුව රුපියල් කෝටි 691ක ලෝක ව්‍යාප්ත ආදායමක් ලැබූ ‘2.0’ චිත්‍රපටයේ වාර්තාව ද ‘Jailer 2’ අභිබවා ගොස් තිබේ.

ඉරිදා දිනයේ මුල් ඇස්තමේන්තු අනුව චිත්‍රපටයේ සමස්ත ආදායම දින 18ක් අවසානයේ රුපියල් කෝටි 805ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති ‘Jailer 2’ චිත්‍රපටයේ රජිනිකාන්ත් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී ටයිගර් මුතුවේල් පාණ්ඩියන්ගේ චරිතයට පණ පොවයි.

රම්‍යා ක්‍රිෂ්ණන්, යෝගි බාබු, විනයාකන්, විද්‍යා බාලන්, ජැකී ෂ්‍රොෆ්, මෝහන්ලාල්, ශිවරාජ්කුමාර්, විජේ සේතුපති සහ හ්‍රිතික් රෝෂන් ඇතුළු නළු නිළියන් රැසක් ද මෙහි රංගනයෙන් දායක වෙති.

මෙම චිත්‍රපටය 2026 ඔක්තෝබර් 15 වැනිදා දෙමළ, හින්දි, කන්නඩ සහ තෙළිඟු භාෂාවලින් තිරගත කිරීම ආරම්භ කර තිබේ. 

විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා රගන Ranabaali චිත්‍රපටය තීරගතවිමට නියමිතයි - ''ටිකට් මිල වැඩි කරන කතාව බොරුවක්ලු''

විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා රගන Ranabaali චිත්‍රපටය තීරගතවිමට නියමිතයි - ''ටිකට් මිල වැඩි කරන කතාව බොරුවක්ලු''