කහටගස්දිගිලියේ කුඹුරක් ආසන්නයේ මිය ගිය ඇතා පිළිබඳව විමර්ශනයක්

Report

කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබද කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී අවාසනාවන්ත ලෙස මියගිය වනඇතෙකුගේ මළසිරුරක් හමුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කහටගස්දිගිලිය පොලිසිය, යුගල හමුදා බුද්ධි අංශය සහ වනජීවී නිලධාරීන් එක්ව මෙම ඝාතනයට සහ දළ සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පූර්ණ විමර්ශන පවත්වන බවයි.

මේ දවස්වල උණ හැදුනොත් භයානකයි - මේ ලක්ෂණ තියෙනවා නම් උණ නෙවෙයි - සෞඛ්‍යයෙන් රතු එළි

මේ දවස්වල උණ හැදුනොත් භයානකයි - මේ ලක්ෂණ තියෙනවා නම් උණ නෙවෙයි - සෞඛ්‍යයෙන් රතු එළි

මියගිය ඇතාගේ වම් දළය කිසිවෙකු විසින් කපාගෙන ගොස් ඇති අතර, ඇතා මියගිය පසු යම් ආයුධයක් භාවිත කර අදාළ දළය කපාගෙන ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.

මියගොස් ඇති වනඇතා වයස අවුරුදු 20-25ත් අතර සහ උස අඩි 07ක් පමණ වන සතෙකු බව නිවේදනය කෙරේ. ඇතාගේ මරණය සම්බන්ධයෙන් අද (02) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය මඟින් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

මේ වන විට ඇතාගේ දේහයේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් ද යොදවා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.