තනිවූ තරුණයාගේ මංගල උත්සවයට අන්තර්ජාලයෙන් කළ ආරාධනාවට දහස් ගණනක් එක්වෙයි - මෝටර් රථයක් ඇතුළු තෑගි රැසක් [VIDEO]
චීනයේ තරුණයෙකු තම මංගල උත්සවයට සහභාගී වීමට අන්තර්ජාලය ඔස්සේ ආගන්තුකයන්ට ආරාධනා කිරීමත් සමඟ ඔහුට නොසිතූ ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී තිබේ.
මංගල උත්සවයට සහභාගී වීමට සිටි ඥාතීන් සංඛ්‍යාව ඉතා අඩු බව වටහාගත් ඔහු, සිය ජීවිතයේ සුවිශේෂී දිනයේ සතුට බෙදාගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ආරාධනය සිදුකර ඇත.
එම ආරාධනයට ප්‍රතිචාර දක්වමින් ඔහුව කිසිදා හමු නොවූ පුද්ගලයන් රැසක් මංගල උත්සවයට පැමිණ ඇති අතර, ඔවුන් තෑගි, ආහාර ද්‍රව්‍ය සහ උත්සවයට අවශ්‍ය සැරසිලි ද රැගෙන විත් තිබේ.
මනාල යුවළ වෙනුවෙන් Maybach වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද ලබාදීමට පුද්ගලයෙකු ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
මෙම තරුණයාගේ ළමා කාලය දුෂ්කරතා මධ්‍යයේ ගෙවී ගොස් තිබේ. ඔහු ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී පියා මියගොස් ඇති අතර, මව නැවත විවාහ වීමෙන් පසු ඔහු සහ වැඩිමහල් සහෝදරයා එකිනෙකාගේ සහයෝගයෙන් ජීවිතය ගොඩනඟාගෙන ඇත.
එසේ වුවද, තමන් ආදරය කළ තරුණිය සමඟ විවාහ වීමේ අරමුණින් දැඩි වෙහෙසක් දරා මුදල් ඉතිරි කරගැනීමට ඔහු සමත්ව තිබේ. නමුත් මංගල උත්සවය සංවිධානය කිරීමේදී එයට සහභාගී වීමට ප්‍රමාණවත් ඥාතීන් පිරිසක් නොමැති වීම ඔහු මුහුණ දුන් ගැටලුවක් වී ඇත.
ඒ අනුව තම තත්ත්වය පැහැදිලි කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කළ ඔහු, මංගල උත්සවයට පැමිණෙන ලෙස අන්තර්ජාලය භාවිත කරන පුද්ගලයන්ට ආරාධනා කර තිබේ.
එම ආරාධනයට ප්‍රතිචාර දැක්වූ පිරිස මංගල උත්සවයට සහභාගී වීමෙන් පමණක් නතර වී නැත.
ඇතැම් සූපවේදීන් නොමිලේ ආහාර පිසීමට ඉදිරිපත් වී ඇති අතර, තවත් පිරිසක් මංගල උත්සවයට අවශ්‍ය සැරසිලි සහ අනෙකුත් කටයුතු සංවිධානය කිරීමට සහාය වී තිබේ.
මංගල රථ පෙළක් සූදානම් කිරීමට ද පිරිසක් ඉදිරිපත් වී ඇති අතර, මනාල යුවළ වෙනුවෙන් Maybach මෝටර් රථයක් ලබාදීමට ද පුද්ගලයෙකු ඉදිරිපත් වූ බව වාර්තා වේ.
මෙම සිදුවීම Reddit සමාජ මාධ්‍යයේ ද බෙදාගෙන තිබූ අතර, එයට පරිශීලකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඇතැම් පරිශීලකයන් සඳහන් කර ඇත්තේ මංගල උත්සවයේ වීඩියෝව දැකීමෙන් තමන්ගේ දෑස්වලට කඳුළු පිරුණු බවයි.
තවත් පිරිසක් අදහස් දක්වමින්, මෙතරම් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි මනාලයා කිසිසේත් අපේක්ෂා නොකරන්නට ඇති බව සඳහන් කර තිබේ.
එමෙන්ම, මෙම තරුණ යුවළට මංගල දිනයෙන් පසුවත් සහාය ලබාදෙන ලෙසත්, ඉදිරි විවාහ සංවත්සරවලදී ද ඔවුන් සමඟ සතුට බෙදාගන්නා ලෙසත් ඇතැම් පරිශීලකයන් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වන මෙවැනි සිදුවීම්වලට ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් සහභාගී වන පිරිස් ද සිටිය හැකි බවට තවත් කිහිපදෙනෙකු අදහස් දක්වා තිබේ.
Many say this is one of the largest folk weddings across China. The groom Xiao Xu from Yunnan lost his parents at a young age. With no close family beside him, he works as an ordinary migrant worker. Worried his wedding would be cold and quiet, he put out a gentle invitation online for anyone willing to come. Nearly thousands of warm‑hearted volunteers answered his call. Dozens of wedding convoys arrived, over 100 volunteer chefs cooked nonstop, and tons of donated food and supplies poured into the mountain village. Strangers travelled hundreds of miles just to stand by him. What could have been a lonely ceremony became a nationwide embrace of kindness and humanity.
— Sharing Travel (@TripInChina) October 31, 2026