අතුරුගිරියේ ඉඩම් ආරවුල් නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට

Report

අතුරුගිරිය පෞද්ගලික නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා කරමින් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ පැවැත්විණි.

එහිදී මෙම නඩුවෙන් ඉවත් වීම සඳහා මොට්‍රෝ බස් සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට අධිකරණයේ අනුමැතිය හිමි විය.

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

මේ අතර, මිලේනියම් සිටි පදිංචිකරුවන් පිරිසක් මෙම නඩුවේ අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස පෙනී සිටීමට කළ ඉල්ලීමට පැමිණිල්ල පාර්ශ්වයෙන් විරෝධය පළ කළද, මහේස්ත්‍රාත්වරයා එම විරෝධය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

අදාළ පර්චස් 100 ඉඩම වටා කම්බි වැටක් ඉදිකර වෙන්කර ගැනීමට අවසර දෙන ලෙස පැමිණිල්ල කළ ඉල්ලීම ඊළඟ නඩු දිනයේදී සලකා බලන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, නඩුවේ ඊළඟ විභාගය එළඹෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියෝග කළේය.

අද දින පැවැති නඩු විභාගය සඳහා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ.