මෙරට ජනප්‍රිය තරුණ ගායකයෙක් නොහිතපු වෙලාවක රිය අනතුරකට ලක් වෙලා..(PHOTOS)
සංගීත සංදර්ශනයකට සහභාගී වී පැමිනෙමින් සිටිය දී ගායන ශිල්පී තරිදු දිල්ශාන් රිය අනතුරකට ලක්ව තිබෙනවා.
ඒ සාලියවැව පලුගස්සේගම ඔහුගේ නිවස ඉදිරිපිට අද(20) අලුයම 2 ට පමණ ය.
මෙලෙස ඔහු ගැටී ඇත්තේ සංගීත සංදර්ශනට සහභාගී වී නිවසට පැමිණෙන අවස්ථාවේ දී ය.
ඒ කල්පිටිය සිට යාපනය බලා යමින් තිබු ලොරි රථයක ය.
අනතුරට ලක් වූ තරිදු දිල්ශාන් සුළු තුවාල ලබා පුත්තලමට මූලික රෝහලට ඇතුලත් කර ඇත.
කෙසේ වෙතත්, ලොරි රථයේ රියදුරු සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.