පැත්තම හොල්ලපු කසිප්පු ශ්‍රියානි අත්අඩංගුවට
මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබූ තොරතුරක් අනුව සිදු කරන ලද වැටලීමකදී, ජා-ඇල සිට අධිවේගී මාර්ගය ඔස්සේ කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කටුබැද්ද මංසන්ධියේදී ඔහුගේ මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 400ක් වශයෙන් සොයාගෙන ඇත.
මෙම සැකකරුගෙන් පැවැත්වූ ප්‍රශ්න කිරීම්වලදී ලැබූ තොරතුරු අනුව මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද නීතිවිරෝධී මත්පැන් ලීටර් 80ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනවලදී මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ 58 හැවිරිදි කාන්තාවක සන්තකයේ තිබූ කසිප්පු ලීටර් 40ක්ද පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මෙම කාන්තාවන් දෙදෙනාට නීතිවිරෝධී මත්පැන් ජාවාරම සඳහා අවශ්‍ය ස්ප්‍රීතු බෙදාහැර සිටියි බවත් පොලිසිය හෙළි කරයි. සැකකරු සහ සැකකාරියන් දෙදෙනාම මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.