ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධියට කස්සප හිමියන්ට නොසිතී.
ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය සම්බන්ධ ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමේදී 16 වන දින සිදු වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10ට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම්. සන්සුදීන් නොසිති නිකුත් කර ඇත.
මෙම සිදුවීම පිළිබඳව බී වාර්තාව ඉදිරිපත් කළ වරාය පොලිස් ස්ථානාධිපති, වෛද්‍ය අනුමැතිය මත රෝහල්ගත හිමිනමගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට යෑමේදී ඒ සඳහා ප්‍රකාශයක් දීම එම හිමිනම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරයි.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්තියට අයත් මෙම වරදට දඬුවම් ලැබිය හැකි බවත්, විමර්ශනවලට සහය නොදක්වීම රටේ සංහිඳියාවට බාධාදායක බවත් ප්‍රකාශ කරමින් පොලිසිය හිමිනමට නොසිති නිකුත් කරන ලෙසත් ඉල්ලීය.
උන්වහන්සේගේ පදිංචිය හෝ නිශ්චිත තොරතුරු හමුවෙන්නේ නැති බැවින් ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය සහ භාවිතා කරන ජංගම දුරකථනය තහවුරු කිරීම සඳහා එම අංකයට අදාල දුරකථන විශ්ලේෂණ වාර්තාව ලබාගැනීමට දුරකථන සමාගමක කළමනාකරුට නියෝග කරන ලෙසද ඉල්ලීම් කළ අතර, මහේස්ත්‍රාත්වරයා එය සම්පූර්ණයෙන්ම පිළිගෙන නොසිති නිකුත් කිරීමේ නියෝගයත් දුරකථන විශ්ලේෂණ වාර්තාව ලබාදෙන නියෝගයත් නිකුත් කළේය.
ඒ අනුව, විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද ලබන දෙසැම්බර් 10 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරාය පොලිසියට නියෝග කලේය.