නාමල් නිසා සජිත් බයවෙයි - පළාත් සභා මැතිවරණයේදී “සජිත් - රනිල්” එකම සන්ධානයක්ද?
සමගි ජන බලවේගයේ (SJB) නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය (UNP) සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ පූර්ණ වගකීම බාරගෙන ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (23) ජනමාධ්‍යයට තහවුරු කළේය.
ඊයේ (23) දිනයේදීම මෙම තීරණය සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගය තීරණ ගන්නා බලධාරීන්ට දන්වා ඇති අතර, අද (24) කොළඹදී පැවති නව ආසන සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවයේදී පක්ෂ නියෝජිතයන්ට මෙම සුබ ආරංචිය විපක්ෂ නායකවරයා සිය දෙසුමෙන් දැනුම් දුන් බව මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
“ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලුම සාකච්ඡා, ගිවිසුම් සහ ක්‍රියාකාරකම් සිදුවේ. පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ඒකාබද්ධව තරග කිරීම මෙන්ම පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද නායක මට්ටමින් සාකච්ඡා ඉක්මනින් ආරම්භ වේ”
යයි මහලේකම්වරයා පැවසීය.
මෙම පියවරත් සමඟ UNP-SJB එකමුතුව තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින අතර, දෙපක්ෂය අතර පසුගිය කාලයේ ඇති වූ කතාබහට පිටුපසින් ප්‍රායෝගික එකඟතාවයකට එළඹ ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.