විශ්වවිද්‍යාල ආචාර්ය හිඟය උග්‍ර වෙ, අරගලයට සූදානම් - ආචාර්ය සංගමය
වසරක් තිස්සේ ආණ්ඩුව සමඟ සාකච්ඡා මගින් විශ්වවිද්‍යාල ගැටලු විසඳීම අසාර්ථක වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි.
එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, අධ්‍යාපනයට තටු දෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනයේ තටු ගලවා හම ගසමින් සිටින බවයි.
පසුගිය මාස කිහිපයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් ආචාර්යවරුන් 150කට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස්වී ඇති බැවින් ආචාර්ය හිඟය දැඩි ලෙස උග්‍ර වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
සාකච්ඡාවලින් විසඳුම් නොලැබුණහොත් විරෝධතා සහ වර්ජන ඔස්සේ අරගල කිරීමට සූදානම් බවද ඔහු අනතුරු අඟවීය.