රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්
ඉතිරි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම් 2026 ජනවාරි මාසයේදී ගෙවීමට රජය සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (01) යාපනයේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මූලික වැටුප් වැඩිවීමේ පළමු අදියර පසුගිය අප්‍රේල් මාසයේදී ගෙවූ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
“රට සංවර්ධනය කිරීමට ශක්තිමත් රජයක් අවශ්‍යයි. ලෝකයේ සියලුම දියුණු රටවල ශක්තිමත් රජයක් පැවතුණි. අපිත් ශක්තිමත් රජයක් ගොඩනගනවා,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.