නුගේගොඩ වෙඩි තැබීමක්
By Shehan
නුගේගොඩ මංසන්ධියේ කොහුවල දෙසට යන මාර්ගයේදී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිසිය දැනුම් දෙයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ඉගැන්වීම් රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති. වෙඩි තැබීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.