කළුතර වෙඩි තැබීමක් - තත්ත්වය බරපතලයි
කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
පොලීසිය පැවසුවේ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.