අද දවසේ වාර්තා වූ හතර වන වෙඩි ප්‍රහාරය පානදුර ප්‍රදේශයෙන්

Report

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

අද (6) පෙරවරුවේදී පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ දී වෙළෙඳසැලකට වෙඩි තැබීමක් සිදු කර ඇත.

මෙම වෙඩි තැබීම නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් සිදුකර එම ස්ථානයෙන් පලා ගිය බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදු කරන විට වෙළෙඳසැලේ කාන්තාවක් සිට ඇති අතර වෙඩි ප්‍රහාරය වෙළදසැලේ ශීතකරණයකට වැදී ඇත. වෙඩි තැබීම සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසිය හා පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා වැඩි දුර විමර්ෂණ සිදු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්