ග්රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් අවු.26ක තරුණයෙක් මරුට
කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ඊයේ (5) රාත්රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
පොලීසිය පවසන පරිදි, මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ කැලණිය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
වෙඩි තැබීමට හේතුව තවමත් හෙළි වී නොමැති අතර, රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිතා කර ඇති බව පොලීසිය සැක කරයි.
මේ අතර, මරදාන ප්රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට සිදු වූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.