බදුරලියේ වෙඩි තැබීමක්..පුද්ගලයෙක් බරපතල තුවාල ලබයි.

Police spokesman Sri Lanka Police Shooting Gun Shooting
By Aruna Jul 21, 2023 05:28 AM GMT
Aruna

Aruna

Report

බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ ඊයේ (20) මධ්‍යයම රාත්‍රියේදී වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා.

වෙඩිතැබීමෙන් බදුරලිය මිදලන ප්‍රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කළුතර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවයි.

වෙඩිතැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර එම ගිනිඅවිය සමග වෙඩික්කරු වන බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ පදිංචි 'රෝස බට්ටා' නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ReeCha