"මගේ ගීතවලට හානි කරන්න එපා" රසිකයින්ගේ ඉල්ලීම පිට ෂර්ලි වෛජයන්ත ගත්තු දැඩි තීරණය මෙන්න

Report

විශාරද ෂර්ලි වෛජයන්ත මහතා විසින්  තමාගේ    ගීත කිසිවක් AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ගායන (AI Covers), AI හඬ අනුරූ, Remix, Cover Version, Copy, Re-upload, Edit කිරීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් පූර්ව ලිඛිත අවසරයකින් තොරව භාවිත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම සිදු නොකළ යුතු බව සදහන් කර තිබේ

තව දුරටත් ඔහු සදහන් කරන්නේ පූර්ව අවසරයකින් තොරව ඔහුගේ ගීත භාවිත කරන හෝ ප්‍රකාශයට පත් කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් සම්බන්ධයෙන් Copyright පැමිණිලි, අන්තර්ගතය ඉවත් කිරීම සඳහා ඉල්ලීම් සහ අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ද ගනු ලබන බවයි

කිසිම ආත්මයක මෙහෙම වෙන්න එපා - මහලු නිවාසයේ අම්මලා වෙනුවෙන් සුදීක්ෂා තැබූ සිත කම්පා කරන සටහන

කිසිම ආත්මයක මෙහෙම වෙන්න එපා - මහලු නිවාසයේ අම්මලා වෙනුවෙන් සුදීක්ෂා තැබූ සිත කම්පා කරන සටහන

එතුමන්ගේ නිල නිවේදනය පහතින් 

නිල නිවේදනය (Official Notice)

මාගේ රසිකයින්ගේ ඉල්ලීම පරිදි මෙම නිවේදනය නිකුත් කරමි. මාගේ ගීත කිසිවක්—AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ගායන (AI Covers), AI හඬ අනුරූ, Remix, Cover Version, Copy, Re-upload, Edit කිරීම හෝ වෙනත් කිසිදු ආකාරයකින්—පූර්ව ලිඛිත අවසරයකින් තොරව භාවිත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම සිදු නොකළ යුතුය. එවැනි අනවසර භාවිතයන් මගේ කෘතිවල ප්‍රකාශන අයිතිය (Copyright), නිර්මාණාත්මක වටිනාකම සහ මුල් කෘතියේ අයිතිවාසිකම්වලට හානි සිදු කළ හැකිය.

එබැවින්, පූර්ව අවසරයකින් තොරව මාගේ ගීත භාවිත කරන හෝ ප්‍රකාශයට පත් කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් සම්බන්ධයෙන් Copyright පැමිණිලි, අන්තර්ගතය ඉවත් කිරීම සඳහා ඉල්ලීම් සහ අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ද ගනු ලැබේ. මාගේ ගීතවලට ආදරය කරන, ගරු කරන සියලුම රසික රසිකාවියන්ට ස්තූතියිවන්ත වන අතර මෙය මාගේ රසික රසිකාවියන්ගේ දැඩි ඉල්ලීම මත කරන ප්‍රකාශනයකි.!!

විශාරද ෂර්ලි වෛජයන්ත