කිසිම ආත්මයක මෙහෙම වෙන්න එපා - මහලු නිවාසයේ අම්මලා වෙනුවෙන් සුදීක්ෂා තැබූ සිත කම්පා කරන සටහන
හොරණ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ මුළුරටම කම්පා කරමින් ආදරණීය අම්මලා මිය ගියා .ඒ සිදුවීම ලංකාවම කතාකළ සිදුවීමක් වුණා එම සිදුවීමෙන් 13 දෙනෙකු පමණ මරණයට පත්වුණා .
මෙම සිදුවීමට මේ වෙද්දී ඊයේ (ජූලි 03) දිනට හරියටම මාසයක් ගතවෙලා මෙම වැඩිහිටි නිවාසයේ භාරකරු ලොකු අයියා නමින් හදුන්වනවා .
ඔහු හා එක්ව රටම දන්න රංගන ශිල්පිනී සුධීක්ෂා විශාල පිංකමක් සිදු කර තිබුණා
ඒ අනුව වැඩිහිටියන් න් 50 දෙනෙකු වෙනුවෙන් දවල් කෑම ලබා දීමටත්, මහා සංඝරත්නය වඩමවා අටපිරිකර තුනක් පූජා කර මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටයි මේ පිංකම ගැන ඇය සංවේදී සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා
ආදරණිය අමාලි සුනීතා සේනාධී ඇතුළු අනෙක් අට දෙනාට... ඔබ අප අතැර ගොස් ඊයේ (ජුලි 03 ) දිනට මාසයක් ඉක්ම ගිහින් .. ඒත් ඔබලාට ආදරේ කල බොහෝ පිරිසක් අදටත් ඔබලා වෙනුවෙන් දුක් වෙනවා සිදු වු විපතට 😪 අද දින ඔබලා තුන් දෙනා ඇතුලු මිය ගිය සියලුම දෙනාට පිං පිනිස ලොකු අයියගේ රැකවරණය ලබමින් ජිවිතෙ ගෙවන 50 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය මහ සංගරත්නය වඩමවා ඔවුනට අට පිරුකර තුනක් පිරිනමා කිසිදු ආතමයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා යැයි ප්‍රාර්ථනා කරමින් ඉතාන් සහ එයාගේ අප්පච්චි ප්‍රමුඛව මමත් පිං අනුමෝදන් කලා 🥰🙏