ශිරන්ති රාජපක්ෂට බේරුමක් නෑ - අද FCID යෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (27) දින පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන මෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඉකුත් සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇත.
ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ 'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමටයි.
අද උදේ 09.30ට නාමල්ට CID එන්න කියලා පොලීසියෙන් දැන්වූවේ උදේ 09.50ට ඇවිත් - ඒකත් නාමල් ඉන්දියාවේ ඉද්දී - සාගර
එසේම යහපාලන ආණ්ඩු සමයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමුවරට විමර්ශන ආරම්භ කර තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඊයේ (26) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර තිබුණු බව වාර්තා විය.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා චෝදනා කළේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින අතරතුරදී ඊයේ පෙරවරුවේ අඳාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.