අද උදේ 09.30ට නාමල්ට CID එන්න කියලා පොලීසියෙන් දැන්වූවේ උදේ 09.50ට ඇවිත් - ඒකත් නාමල් ඉන්දියාවේ ඉද්දී - සාගර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (26) දින පෙරවරු 9.30 ට සීඅයිඩීයේ පෙනී සිටින මෙන් පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය දැනුම් දුන් බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වරාය සම්බන්ධයෙන් පැවැති විරෝධතාවක හම්බන්තොට අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් එම අධිකරණය ද දැනුවත් කර නාමල් මහතා ඉන්දියාවට පිටත්ව ගිය බවයි.
එහෙත් අධිකරණය සහ පොලිසිය දැනුවත් කර රටින් පිටව ගොස් සිටියදී පොලිසිය අද දින පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පැමිණ අද පෙරවරු 9.30 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට වෙත වාර්තා කරන මෙන් දැනුම් දුන් බව කාරියවසම් මහතා පවසයි.
එබැවින් වත්මන් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය නොව ජනතාව විමුත්කි පෙරමුණේ පොලිසියක් වන අතර මෙවැනි දේ කිරීමෙන් පොලිසිය දේශපාලන වාසියක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ නිසා මෙවැනි දේවල් නොකරන මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කාරියවසම් මහතා අවධාරණය කරයි.
එමෙන්ම මර්ධනයෙන්ම කටයුතු කරන වර්තමාන ආණ්ඩුව මෙවැනි දේවල් කිරීමේ යටි අරමුණ පැහැදිලි නැති බව කී සාගර කාරියවසම් මහතා මෙය යම් දේශපාලන අරමුණක් ඇතිව කළ දෙයක් යැයි පැහැදිලි බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.