ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි - අසනීපෙන් කොළඹ රෝහලක සිටි ශිරන්ති පාන්දරම කටුනායකින් යන්න යයි

Report

අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක් - මේ රාජ්‍ය අංශයෙන් දැඬි තීරණයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක් - මේ රාජ්‍ය අංශයෙන් දැඬි තීරණයක්

ඒ අනුව අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, එළැඹෙන 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් තිබියදී ඇය මෙසේ විදෙස් ගත වී ඇති බවයි.

ඊයේ (15) දිනයේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මිය අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි.

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට