ඇයටයි දිනුම... ඇයයි දිනන්නේ... ඇය දිනලා අවසන්.... (PHOTOS)

Sinhala news Miss world Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Akash May 15, 2025 03:04 AM GMT
Akash

Akash

Report

මේ මොහොතේදී Miss World 2025 තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්න Anudi Gunasekara කියන්නේ රූ රැජින තරඟාවලි සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ තියන සාම්ප්‍රදායික මත සියල්ලටම අභියෝග කරමින් ඉන්න තැනැත්තියක්.

මගේ අත්දැකීමට අනුව, රූ රැජින තරඟයක් දිහා බලන්න අපි හුරු පුරුදු වෙලා හිටියේ වපර ඇහැකින්. එවැනි තරඟාවලි සඳහා ඉදිරිපත් වෙන ගැහැනු ළමයි සම්බන්ධයෙන් පවා අපිට තිබුණේ ඒ තරම් හොඳ කියවීමක් නෙමෙයි.

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

ඔවුන් තරඟ වදින අංග, ඒ වෙනුවෙන් ඔවුන් සැරසුණු ආකාරය පවා අපේ නිරන්තර ප්‍රශ්න කිරීම්වලට ලක් වුණා. 'බියුටි පැජන්ට්ස්' කියන්නේ ඒ තරම් බරින් ගත යුතු යමක් විදිහට නොසළකපු යුගයක් අපි පහු කරමින් හිටියා. අනුදි, මින් පෙර ලංකාවෙන් බිහිවෙච්ච සියලු රූ රැජිනියන්ට කරන්න බැරි දෙයක් කළා.

ඇය, මම අර කලින් සඳහන් කරපු ගතානුගතික යුගය හරස් කරමින් සෘජුව හිටගත්තා. රූ රැජින තරඟ සම්බන්ධයෙන් රටක් දරපු පසුගාමීත්වය සහ ඕලාරිකභාවය අවසාන කරන ජය ධජය බවට පත් වුණා. රෑ රැජිනියන්ව විවිධාකාර රාමු තුළ දමලා තක්සේරු කරමින් හිටිය මිනිස්සු පිරිසක් තුළ බලාපොරොත්තුවේ ගිනි දැල්ල පත්තු කළා. රූ රැජිනක් කියන්නේ රූපයට එහා ගිය දිදුළන පෞරුෂයක් දරන්නියකට බව ඇය මේ මොහොතේදී මුළු මහත් රටකට ඉතා සාර්ථකව ඒත්තු ගන්වමින් ඉන්නවා.

මීට කලින් මේ රට තුළ බිහිවුණු රූ රැජිනියන් කිහිප දෙනෙක් අතිනුත් මේ කාර්‍යභාරය ඉටු වුණ බව ඇත්ත. නමුත්, අනුදි, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ බියුටි පැජන්ට්ස්වල ගෝල්ඩ් ස්ටෑන්ඩර්ඩ් එක බවට පත්වෙමින් ඉන්නවා.

රූප රාජිනියන් තේරීමේ තරඟ සම්බන්ධයෙන් මම දරපු ඇල් මැරුණු ස්වභාවය සදහටම ඉවර කරේ සැන්ඩ්‍රා බුලොක් රඟන Ms. Congeniality චිත්‍රපටය.

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ගැරී ආනන්දසංගරී පත්වෙයි

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ගැරී ආනන්දසංගරී පත්වෙයි

'Congeniality' කියන වචනයේ තේරුම තමයි 'මිත්‍රශීලි සහ ප්‍රසන්න ස්වභාවය' කියන එක. ඉතින් අද අනුදි, ශ්‍රී ලංකාවේ මෑත කාලීනව බිහිවුණු සියලු රූ රැජිනියන් අතරින් ශ්‍රී ලාංකිකයින්ගේ Ms. Congeniality බවට පත් වෙලා ඉන්නවා. මෙවර මිස් වර්ල්ඩ් තරඟය සඳහා අනුදිගේ සූදානම, අනුදිගේ හඳුන්වාදීම සහ අනුදිගේ පෙනී සිටීම අද්විතීයයි. ඉන් ඔබ්බට ගිහින් අනුදි විසින් දියත් කරනු ලබපු 'සහේලි ව්‍යාපෘතිය' මගින් පිළිඹිබු කරන රැජිනක් තුළ නියත ලෙස පැවතිය යුතු සමාජ සහකම්පනය සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේ අරමුණ අතිශය ප්‍රශංසනීයයි. අනුදි විසින්, රූ රැජිනියක තුළ තිබිය යුතු ගුණාත්මකභාවය පිළිබඳ අවම මිම්ම ඉතාම ඉහළ තලයකට අරගෙන ඇවිත් තියනවා.

මේ සියල්ල එකට එකතු කරාම, අනුදි ගුණසේකර, රූ රැජිනියන් සම්බන්ධයෙන් රටක් දැරූ ස්ථාවරය ඉතා විශ්වසනීය ලෙස 'හොඳ අතට' කරකවමින් ඉන්නවා. අනුදි, කිරුළක් දිනාගත් රැජිනක් වශයෙන් මිස් වර්ල්ඩ් වේදිකාවෙන් සමුගත යුතු බවට මම හදවතේ ගැඹුරුම තැනින් ප්‍රාර්ථනා කරනවා.

ඒ සමඟින්ම, අදින් මාසයකට පස්සේත්, වසරකට පස්සේත්, වසර දහයකට පස්සේත්, හැකි නම් වසර පනහකට පස්සේත්, පුංචි ගෑනු ළමයින්ට අනුදි වගේ වෙන්න හිතෙන විදිහේ, අනුදි ඇවිදගෙන ගිය පාරේ ඇවිදගෙන යන්න හිතෙන විදිහේ, අනුදි විසින් මුළු මහත් සමාජයක් මත ඇති කරපු ආකාරයේ ධනාත්මක බලපෑමක් ඇති කරන්න හිතෙන විදිහේ 'රෑ රැජිනක්' විදිහට තමන්ගේ ජීවිතය ගෙවා දමන්න අනුදිට චිත්ත ශක්තියත්, අධිෂ්ඨානයත්, අවස්ථාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටකට අනුදි ගුණසේකරලා දිනපතා බිහිවෙන්නේ නෑ. එහෙම කලාතුරකින් බිහිවෙන අනුදි ගුණසේකර කෙනෙක්, මීළඟ අනුදි ගුණසේකර බිහිවෙනකම් තමන්ගේ ආලෝකය නිවෙන්න නොදී දල්වා ගෙන සිටිය යුතුයි; මීළඟ අනුදි ගුණසේකර ඇවිද යා යුතු මාර්ගය පැහැදිලිව පවත්වා ගත යුතුයි. ඉතින් අපේ ආදර කෙල්ල අනුදි ගුණසේකරත්, ඇයගේ චමත්කාරජනක ආලෝකයත් නොනිවී සදා රැකේවා! 

උපුටා ගැනීම මුහුණු පොතෙන්


 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha