ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්කලීමක් සිදුකර තිබෙනවා.
අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8850000/- ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂි බන්ධනාගාර ගතකර තිබුණා.