රටම දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙදර යන්න බෑ කියයි.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS)

Cricket Bangladesh Bangladesh Cricket Team Sports Latest Headlines
By krishani Oct 17, 2024 04:22 PM GMT
krishani

krishani

Report

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සඳහා තමන් ඩකා අගනුවර වෙත නොයන බව බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් පවසා ඇත.

රටම දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙදර යන්න බෑ කියයි.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS) | Shakib Al Hasan

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමන්ට එරෙහිව ඩකා නුවර විරෝධතා තිබෙන බව පෙන්වා දෙමින් ය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම්කළ සංචිතයට ෂකිබ් ද ඇතුළත් විය.

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..


ඒ හේතුවෙන් ඔහු අමෙරිකාවේ සිට බංග්ලාදේශය බලා පිටත්ව යාමේ අරමුණින් මේ වනවිට ඩුබායිහිදී රැඳී සිටියි.

රටම දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙදර යන්න බෑ කියයි.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS) | Shakib Al Hasan

නමුත් බංග්ලාදේශයෙන් ඔහුට උපදෙස් ලබාදී ඇත්තේ යම්කිසි කණ්ඩායමක් ෂකිබ්ට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි.

"මම ඊළඟට යන්නේ කොහෙද කියලා මට විශ්වාස නෑ. නමුත් මම ගෙදර නොයන බව නම් බොහෝ දුරට විශ්වාසයි" යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර, ඉකුත් අගෝස්තු මස බංග්ලාදේශයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී තරුණයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගල ලැස්තුවේ ෂකිබ් සිටියි.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී හසීනාට වුණ දෙයක්.. වහාම අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි..

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී හසීනාට වුණ දෙයක්.. වහාම අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි..


කෙසේ වෙතත්, ෂකිබ් ඔහුගේ උපන් ගම වන මගුරා හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.

එමෙන්ම, ඔහු බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසී‍නාගේ අවාමි ලීගය නියෝජනය කළේ ය.