සවුඩෙල් ටයිෆූන් චණ්ඩ මාරුතයෙන් චීනයට දැඩි හානි- මඩ නායයාමෙන් එක් අයෙකු මියගොස් 11ක් අතුරුදන්

Report

චීනයේ ජියැංසි පළාතේ ගාඕපිං නගරයේ සෙනසුරාදා අලුයම සිදුවූ මඩ නායයාමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව පළාත් බලධාරීහු පවසති.

සවුඩෙල් ටයිෆූනය හේතුවෙන් ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ, ජියැංසි පළාතේ සුයිචුවාන් ප්‍රාන්තයේ ගාඕපිං නගරයේදී අලුයම 4.00ට පමණ මෙම නායයාම සිදුව තිබේ. නායයාම හේතුවෙන් නිවාස 12කට හානි සිදුව ඇති අතර, අතුරුදන්ව සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව බලධාරීහු සඳහන් කරති.

මේ අතර, නායයාමෙන් පසු පුද්ගලයන් 10කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව චීන රාජ්‍ය රූපවාහිනී සේවය වන CCTV වාර්තා කර තිබේ.

සෞදි රැකියා අපේක්ෂිතයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුබ ආරංචියක්

සෞදි රැකියා අපේක්ෂිතයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුබ ආරංචියක්