වසර දෙකකට පෙර සිදුවූ පියාගේ ඝාතනයට පලිය ගන්න දෙහිවලදී කළ දරුණු අපරාධයේ සුලමුල හෙළිවෙයි

Report

දෙහිවල ඕබන් පෙදෙසේදී පසුගිය අගෝස්තු 29 වැනිදා පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයෙන් අනතුරුව සැකකරු මහනුවර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පලා යාම සඳහා භාවිත කළ මෝටර් රථයද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, මීට වසර දෙකකට පමණ පෙර ඝාතනය වූ පුද්ගලයා විසින් සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බවයි.

එමෙන්ම සැකකරු ‘කොස්මල්ලි’ නම් අපරාධකරුගේ සමීපතමයෙකු වන අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා ‘බඩෝවිට අසංක’ නම් අපරාධකරුගේ සමීපතමයෙකු බවද පොලිසිය සඳහන් කරයි. ඔවුන් දෙදෙනාටම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු හිමි දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම හේතුවෙන් සේවය අතහැර යයි

මේ රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු හිමි දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම හේතුවෙන් සේවය අතහැර යයි

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදයක් - බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ මෙන්න

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදයක් - බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ මෙන්න