නව බංග්ලාදේශ මහ කොමසාරිස් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර නිල හමුවක් අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි අනාගත සංවර්ධන සැලසුම් මෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිය සඳහා වන පූර්ව සූදානම සහ ඊට අදාළ සංවිධානාත්මක කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සේවයට එක්වීමට පෙර ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා වොෂින්ටන් ඩී.සී. හි පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා සහ භාරකාර නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රබල ජාත්‍යන්තර අත්දැකීම් සහිත පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙකි.
මෙම විශේෂ අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියේය.