''වසර දෙකයි රටට සුබයි’ - ජනපති අනුර රට වටා යන්න හෙට බේරුවලින් සහ බුලත්සිංහලින් වැඩ අල්ලයි
By Kanchana
‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව කර ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ ප්‍රථම රැලි ද්විත්වය හෙට (06) බේරුවලදී සහ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත .
මෙම රැලි මාලාව දිස්ත්‍රික්කයකට ප්‍රධාන රැලි දෙකක් ලෙස පැවැත්වීමට කටයුතු කර ඇත.
ඒ සෑම රැලියක්ම, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ලබන 12දා පොලොන්නරුවේදී ද, 13 දා අනුරාධපුරයේ දී ද, 20 දා මාතර දී සහ 27 දා ගම්පහ දී ද ජන රැලි සංවිධානය කර තිබේ .