දෙහිවල පෙට්‍රල් දමා ගිනි තබා කළ මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන සැකකරු මහනුවරදී අත්අඩංගුවට
දෙහිවල, ඕබන් පෙදෙසේදී පසුගිය අගෝස්තු 29 වනදා පුද්ගලයෙකුට පෙට්‍රල් වත්කර ගිනි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලැබුණු නිශ්චිත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.
අදාළ ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අපරාධ ස්ථානයෙන් පලායාම සඳහා භාවිත කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගැනීමට සමත්ව තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී සිය පියා ඝාතනය කිරීමට අදාළ පුද්ගලයා සම්බන්ධ වී තිබූ බැවින්, ඊට පළිගැනීමක් ලෙස මෙම ගිනි තබා ඝාතනය කිරීම සිදුකළ බවයි.
විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු 'කොස්මල්ලි' නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා 'බඩෝවිට අසංක' නමැති අපරාධකරුගේ සමීපතමයෙකු බවයි. මෙම දෙපිරිසටම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.