මේ රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු හිමි දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම හේතුවෙන් සේවය අතහැර යයි

Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කළ නිලධාරී නිලධාරිනියන් තිහකට ආසන්න පිරිසක් මෑත භාගයේදී සිය තනතුරුවලින් ඉල්ලා අස්වී වෙනත් රැකියා සඳහා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ පාර්ලිමේන්තුවේ පාලන, සැපයුම්, මූල්‍ය සහ හැන්සාඩ් ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක නිරතව සිටි නිලධාරීන් පිරිසකි.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

ඉල්ලා අස්වූ පිරිසෙන් බහුතරයක්ම උපාධිධාරීන් වන අතර, පසුගිය සතියේදී ද නිලධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සේවයට සමුදී වෙනත් ක්ෂේත්‍ර වෙත යොමු වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.

සේවයෙන් ඉවත් වූ නිලධාරීන්ගෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු සඳහා යොමු වී ඇත. ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් විශාල නිලධාරීන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්ව ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදයක් - බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ මෙන්න

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදයක් - බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ මෙන්න

පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව අහෝසි කිරීම ඇතුළු තවත් දීමනා සහ වරප්‍රසාද කිහිපයක් අහිමි වීම මෙම පිරිස් සේවය හැර යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

පළපුරුදු සේවක සේවිකාවන් රඳවා ගැනීම සඳහා පාලනාධිකාරිය විසින් මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවට ද සේවකයෝ චෝදනා කරති.

මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, රජය විසින් ගන්නා ලද පොදු ප්‍රතිපත්තිමය තීරණයකට අනුකූලව අදාළ නිවාඩු හිලව් දීමනාව ගෙවීම නතර කිරීමට පියවර ගත් බවයි.